ගෝලීය උණුසුම ඉහළ යෑම ගැන අනතුරු

ගෝලීය උණුසුම ඉහළ යෑමට හේතු වන කාබන් විමෝචනය අවම කර ගැනීමට මනුෂ්‍ය වර්ගයාට තවත් ඉතිරි වී ඇත්තේ වසර 3 ක කාලයක් පමණක් බවත්, ඉන්පසු කාබන් විමෝචනය හරි අඩකින් කප්පාදු කිරීමේ ඉලක්කය සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇති බවත්
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලය නිකුත් කළ නව වාර්තාවේ දැක්වෙයි.
1990 සිට දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලය ලෝකවාසීන්ට අනතුරු අඟවයි. ඒ, ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙනි.
ගෝලීය කාබන් විමෝචනය අද වනවිට 2015 පැරිස් ගිවිසුමෙන් අපේක්ෂා කරන ලද සෙල්සියස් අංශක 1.5 උණුසුම් සීමාව ඉක්මවා ගොස් ඇති බවත්, මෙම සියවස අවසානය වන විට සෙල්සියස් අංශක 3.2 දක්වා ළඟා වෙමින් පවතින බවත් වාර්තා වේ.
(රොයිටර්)

