ගෝලීය අර්බුද විසඳීමේදී කාන්තා නියෝජනයක් ඕනෑ



ගෝලීය අර්බුද විසඳා ගැනීමේ අරමුණින්, පැවැත්වෙන සාකච්ඡා සඳහා සැමවිටම කාන්තා නියෝජන අවශ්‍ය යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් අවධාරණය කරයි.

“රට රටවල හටගන්නා අර්බුදවලදී, සාම සාකච්ඡා සඳහා නියෝජනය කරන්නේ පිරිමි පමණයි. මෙය වෙනස් විය යුතු යැයි මා විශ්වාස කරනවා. කාන්තාවන් ද සාකච්ඡා සඳහා සහභාගී වන්නේ නම්, එම සාකච්ඡා වෙනස් මඟකට යොමු වෙන්න පුළුවන්. සාකච්ඡා සාර්ථක වෙන්නත් පුළුවන්’ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පැහැදිලි කර තිබේ.

දිනෙන් දින ඔඩුදුවමින් පවතින රුසියන් යුක්රේන අර්බුදය, මියන්මාර අර්බුදය, ඇෆ්ගන් සහ මාලි අර්බුදය සම්බන්ධයෙන් ද කාන්තා නියෝජනයක් තිබුණේ නම්, සාකච්ඡාවලින් ලැබෙන ප්‍රතිඵල වෙනස් වීමට ඉඩ තිබෙන බව මහ ලේකම් ගුටරේස් පැහැදිලි පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS