ගෝත්රිකයන්ගෙන් විරෝධයක්

‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරස වසංගතය හමුවේ, තමන්ට නිසි ආරක්ෂාවක් නොලැබුණැයි චෝදනා නගමින්, ඇමසන් වනාන්තරය ජීවනාළිය කොටගත් කයාපෝ ගෝත්රික වැසියන්ගෙන් බ්රසීල රජයට විරෝධයක් එල්ල වෙමින් පවතී.
කයාපෝ ගෝත්රික නායකයන් කිහිප දෙනකු මේ වනවිටත් කොරෝනා වයිරසයට බිලි වී අවසන් බව පැවැසෙයි.
කයාපෝ වැසියන් රජයට එරෙහිව විරෝධතා පැවැත්වූයේ බ්රසීලයේ ප්රධාන භාණ්ඩ ප්රවාහන අධිවේගී මාර්ගයක් හරස් කරමිනි.
ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ බ්රසීලයෙනි. ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩි කොටසක් පැතිර ඇත්තේ බ්රසීලය පුරා ය.
(අල් ජසීරා)

