ගොඩබාද්දී යානය ගඟට වැටිලා

කියුබාවේ සිට ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදය බලා පැමිණි ගුවන් යානයක් ගුවන්තොටුපොළට ගොඩබාද්දී, ගුවන් පථයේ ලිස්සා ගොස් ඒ අසල ගංගාවකට වැටුණි.
අනතුරට පත් වූයේ බෝයිං 737 යානයකි. යානය අනතුරට ලක්වුණේ ජැක්සන්විල් ගුවන්තොටුපොළේදීය. යානය තියුබාවේ ග්වන්තනාමෝ බොක්කේ සිට ඇමෙරිකාව බලා පැමිණ ඇත.
මෙය සාමාන්‍ය මගී යානාවක් නොව, ඇමෙරිකන් නිලධාරීන් විසින් කුලී පදනම මත ගමන් බිමන් සඳහා යොදා ගත් යානයකි. යානයේ 21 දෙනකු සිටි අතර ඔවුන් කාටවත් කිසිදු අනතුරක් සිදුනොවුණු බව පැවැසෙයි.
(අල් ජසීරා)

