ගෘහ සේවිකා වැටුප අඩු කරන්නැයි සවුදි කාන්තා කණ්ඩායමක් ඉල්ලයි

ගෘහස්ත උදව්කරුවන්ට අධික වශයෙන් ගෙවන වැටුප් අඩුකරන ලෙස ඉල්ලා සවුදි අරාබියේ කාන්තාවන් කණ්ඩායමක් ව්‍යාපාරයක් දියත්කර ඇත.
මෙම ව්‍යාපාරය දියත්කර ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා සඳහා අධික මිලක් අය කරන වෙළෙ සැල් සහ ටෙලිකොම් ආයතන වර්ජනය කිරීමේ සාර්ථක පියවර කිහිපයකින් පසුවය.
තම අනුග්‍රාහක සමාගම්වලින් පැනවිත් නිති විරෝධී ලෙස සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන්ගේ ඒකාධිකාරය කැඩීමේ අරමුණින් සවුදි කාන්තාවන් පිරිසක් විසින් මෙම කණ්ඩායම පිහිටුවාගෙන ඇත.
සවුදි අරාබියේ ගෘහ සේවිකාවකගේ සම්මත මාසික වැටුප සවුදි රියාල් 2000කි. මෙය ඉතා අධික වැටුපත් යයි කියන සවුදි කාන්තා පිරිස එම වැටුප සවුදි රියාල් 1000 දක්වා අඩු කරන ලෙස ඉල්ලා සිටිති. මැතකදී ගනු ලැබූ ඇතැම් ක්‍රියා මාර්ගවල ප්‍රතිඵලයක් වශයෙන් සවුදි අරාබි පවුල්වල ආදායම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි ඔවුහු පවසති.
ගෘහ සේවිකාවන්ට මසකට සවුදි රියාල් 1000කට වැඩියෙන් වැටුප් නොගෙවන ලෙස ඔවුහු සවුදි අරාබි පවුල්වලින් ඉල්ලා සිටිති.
සවුදි අරාබි රජය මෑතකදී එරට ඇමැතිවරුන්ගේ වැටුප් 20%කින් අඩු කළ අතර රාජ්‍ය අංශයේ සේවකයන්ගේ දිමනාද සැලකිය යුතු මට්ටමකින් අඩු කිරිමට පියවර ගත්තේය. ඒ අතරම ප්‍රසාද දීමනා සහ මූල්‍ය පහසුකම් අඩු කිරිමටද පියවර ගන්නා ලදී
(සවුදි ගැසට් ඇසුරෙනි.)

