ගුවන්තොටුපොළට අති නවීන තාක්ෂණය

සිංගප්පූරුවේ චැංගී ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අති නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ වී ඇති අතර ගුවන් තොටුපොළට පැමිණෙන සහ පිටවී යන මගීන්ගේ සියලු කටයුතු පරිගණක ජාල හරහා සිදුවන බවත් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ මැදිහත්වීමක් සිදුනොවන බවත් වාර්තා වේ.
මුහුණු ස්කෑන් කිරීමෙන් පැමිණෙන මගියා කවුරුදැයි හඳුනා ගැනීම පරිගණක ජාල මගිනි සිදු කරනු ලබයි. මගීන්ට කළ යුතුව ඇත්තේ ඔව් සහ නැහැ යනුවෙන් පිළිතුරු දී යෑම පමණි. ගුවන් යානයට ගොඩවනතුරු මඟ පෙන්වීමක් ද නව පරිගණක පද්ධතිය මගිනි සිදුවෙයි.
ආරම්භයක් ලෙස මෙම නව තාක්ෂණය භාවිතා වෙන්නේ ගුවන් තොටුපොළේ සිවුවැනි පර්යන්තය පමණි. ඒ සඳහා වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 723 ක් යැයි බලධාරීහු කියති.
අති නවීන තාක්ෂණයෙන් ගුවන් තොටුපොළේ කටයුතු පසුගිය දා සිට ආරම්භ විය. එහිදී ඇතැම් මගීන්ට නව තාක්ෂණය ගැටලුවක් වුණු බව ද බලධාරීහු පෙන්වා දෙති.
නවීන තාක්ෂණයෙන් සේවා ආරම්භ වූයේ හොංකොං බලා පියාසර කළ කැතේ පැසිෆික් ගුවන් යානයකිනි. යානවේ ගමන් කළ මගීන් 100 ක පිරිසක් නව තාක්ෂණය භාවිතා කළ බව ද පැවැසෙයි. නවීන තාක්ෂණය නුහුරු දෙයක් හෙයින් අසීරුතාවලට ලක් වූ මගීන් ද සිටි බව සිංගප්පූරු බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
(ඒ.එෆ්.පී.)

