ගුවන් යානයක් ලිස්සයි



නෙස්මා ගුවන් සමාගමට අයත් ගුවන්යානයක් පසුගියදා සෞදි අරාබියේ පිහිටි අබා අන්තර්ජාතික ගුවන්තොටුපලට ගොඩ බැස්ස වීමේදි ගුවන් පථයෙන් ලිස්සා ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ගුවන්අංක 154 දරණ ගුවන්යානය ගොඩ බැස්ස වීමේදි ගුවන් පථය මත ලිස්සාගෙන ගොස් නතර කර ගැනීමට නොහැකිව නැවත පියාසර කිරීමට සිදුවූ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේය.

අනතුරින් ගුවන් යානය තුල සිටි ගුවන් මගීන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

පස්වරු 8.50 ට පමණ ගුවන්යානයගොඩ බැස්ස වීමට කටයුතු කල අතර ඒ හේතුවෙන් අනිතුක් ගුවන්යාන ප්‍රමාද කරන්නට සිදුවූ බව වාර්තා වේ.

ගුවන්යානා අනතුර සිදුවීමට හේතු වූ කරුණු සොයා බැලීම සදහා සිවිල් ගුවන් සේවා අධිකාරය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS