ගුවන් යානයක් අනතුරේ



බංග්ලාදේශ ගුවන් යානයක් නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළට ගොඩබෑමට තැත් කරද්දී අනතුරට ලක්විය.

යානයේ මගීන් 67 දෙනකු මිටි අතර, ගිනි නිවන හමුදාවේත් සහන සේවා නිලධාරීන්ගේත් උත්සාහයෙන් 17 දෙනකු බේරා ගැනීමට හැකිවුණු බව පැවැසෙයි.

යානය ගුවන්තොටුපොළට කඩා වැටීමෙන් පසු ගින්නක් හටගත්තේය. ගින්න නිවා දැමීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද වාර්තා වේ.
යානය බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට කත්මණ්ඩු බලා පැමිණ ඇත. එය ඇමෙරිකන් බංග්ලාදේශ ගුවන් සමාගමකට අයත් එකක් යැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS