ගුවන් යානය ඇතුළේ ’පොසිටිව්’ වෙලා



ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිට අයිස්ලන්තය බලා පියාසර කරමින් සිටි ඇමෙරිකන් ගුරුවරියක, උඩු ගුවනේ දී කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමග පැය 3 ක් ගුවන් යානයේ වැසිකිලියේ හුදෙකලා වී සිටි බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තරුණ ගුරුවරිය ගුවන් යානයට ගොඩවී ඇත්තේ කොරෝනා නොමැති බව සිදු කළ පරීක්ෂණයෙන් තහවුරු වීමෙන් පසුවය.

ගුවන් ගමන අතරතුරේ උගුර රිදෙන්න වූ බැවින් ඇය ඇය සතුව තිබූ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණ කට්ටලට භාවිතයට ගනිමින්, කොරෝනා පරීක්ෂණයක් සිදු කර තිබේ. 

ඇය 'පොසිට්ව්' වී ඇත්තේ එම අවස්ථාවේදීය.

මරීසා ෆෝටිනෝ නමැති ඇය, ඇගේ තත්ත්වය ගුවන් සේවිකාවන්ට ද දන්වා සෙසු මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිය කැමැත්තෙන් වැසිකිලියට ගොස් හුදෙකලා වී රැඳී සිටියාය.

තමන් ගුවන් ගමනට සහභාගී වූයේ පීසීආර් පරීක්ෂණයක් සහ රැපිඩ් ඇන්ටජන් පරීක්ෂණ 5 කට ලක් වීමෙන් පසුව බව ද මරීසා  පසුව මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

මරීසා ෆෝටිනෝ පූර්ණ එන්නත් කරණයට ලක්වුණු තරුණියක බව ද පැවැසෙයි. මරීසා ගුවන් යානයේ සිට ඇත්තේ ඇගේ පවුලේ සාමාජිකයන් වන පියා සහ සොහොයුරා ද සමගය.

යානය අයිස්ලන්තයට ගිය සැණින්  පියා සහ සොහොයුරා වෙන් වෙන්ව නිරෝධායනයට ලක් කරමින් හෝටල් වෙත යොමු කෙරුණි.

ඊට අමතරව, බරපතල රෝගී තත්ත්වයක් නොමැති බැවන් මරීසා දින 10 ක් හෝටල කාමරයක නිරෝධායනය සදහා යොමු කෙරුණු බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS