ගිනිබිසෝ ජනපති පැය 24 න් ගෙදර

ගිනිබිසෝ රාජ්‍යයේ ජනපති ධුරයේ දිවුරුම් දුන්, එරට විපක්ෂ නායකයා ද වූ උමාරෝ සිස්සෝකෝ ට පැය 24 ක ඇතුළත ජනපති ධුරයෙන් ඉවත් වීමට සිදුවිය. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට හිස නවමිනි.
ගින්බිසෝව් යනු බටහිර අප්‍රිකා රාජ්‍යයකි. ගිනිබිසෝ ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය වසරේ දෙසැම්බරයේය. විපක්ෂ නායකයා ලෙස ඊට ඉදිරිපත් වුණු උමාරෝ සිස්සෝකෝ එයින් ජයග්‍රහණය කළේය. නව ජනාධිපති සිස්සෝකෝ බව ගිනිබිසෝ මැතිවරණ කොමිසම ද තහවුරු කළේය.
සිස්සෝකෝ දිවුරුම්දීම ඒ අනුව සිදුවුවත්, සිස්සෝකෝ ජනාධිපති ලෙස පිළිගැනීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළේය. පාර්ලිමේන්තුව සිප්රියානෝ කසාමා ගිනිබිසෝ ජනපති ලෙස පිළිගන්නා බව පැවැසූ අතර ගිනිබිසෝ රාජ්‍යයේ කෘතහස්ත දේශාපලනඥයකු මෙන්ම ජාතික ජනතා සම්මේලනයේ සභාපතිවරයා ද වන සිප්රියානෝ කසාමා ජනපති ධුරයට පත් කර ගත්තේය.
ගිනිබිසෝ රාජ්‍යයේ දේශපාලනික අර්බුදයක් ඒ අනුව හටගත් අතර, එය ශ්‍රේෂඨාධිකරණය තෙක් දුරදිග ගියේය. ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ දී තීන්දු කළේ නව ජනාධිපති ලෙස දිවුරුම් දුන් උමාරෝ සිස්සෝකෝ එම ධුරයට සුදුසු නැති බවය. ඒ අනුව, සිස්සෝකෝ එක් දිනක් ජනපති ධුරය හෙබවීමෙන් පසු ධුරයෙන් ඉවත් වූයේය.
බිසෝව්හිදීය (රොයිටර්)

