ගිනිකෙළි කම්හලක ගින්නක්

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ගිනිකෙළි කම්හලක සිදුවුණු ගින්නකින් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 43 කි.
ගින්න හටගත්තේ පිපිරීමක් ද සමග යැයි පැවැසෙයි. ගින්න පැතිර යද්දී කම්හලේ සිටි සේවක සංඛ්‍යාව 104 ක් යැයි ඉන්දුනීසියානු පුවත් සේවා වාර්තා කර තිබේ.
පිළිස්සුම් තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා කරයි.
ගින්න ඉතා වේගයෙන් පැතිර යෑම නිසා කම්හල මුළුමනින්ම විනාශ වී ඇතැයි ගිනි නිවන භටයෝ කියති.
(රොයිටර්)

