ගින්නට පැනලා මැරෙනවා

‘පද්මාවත්’ චිත්‍රපටයට විරෝධය පළ කරන රාජස්ථාන ප්‍රාන්තයේ කාන්තාවන් පවසා ඇත්තේ, චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ නම් තමන් ‘පද්මාවතී’ රැජින කළාක් මෙන් ගින්නට පැන දිවි නසා ගන්නා බවය.
තම ගෞරවය රැක ගැනීම වෙනුවෙන් ගින්නට පැන දිවි නසා ගැනීමේ චාරිත්‍රය හැඳින්වෙන්නේ ‘ජොහාර්’ යන නමිනි. මෙය පුරාණ චාරිත්රයකි. ‘පද්මාවතී’ චිත්‍රපටයේ පද්මාවතී රාජ්පුත්රැජින, සිය ගෞරවය රැක ගැනීමේ අරමුණින්, ඇය ලබා ගැනීමේ පැමිණෙන මුස්ලිම් සුල්තාන්වරයාගෙන් බේරීමට ගින්නට පැන දිවි නසා ගනී. ඇයගේ පරිවාර කාන්තාවෝ ද එසේ කරති.
‘පද්මාවත්’ බවට පත් වුණු ‘පද්මාවතී’ චිත්‍රපටයට ප්‍රදර්ශනය කරන්නේ නම්, ඊට විරෝධය පාමින්, ගින්නට පැන දිවි නසා ගැනීම සූදානමින් සිටින්නේ රාජස්ථානයේ චිතෝර්ගාර් නගරයේ කාන්තාවෝ පිරිසකි. මෙම පිරිස විරෝධතා රැලියක් ද පැවැත් වූහ. තමන් දිවි නසා ගැනීමට සූදානම් බව තහවුරු කරමින්, 1,908 දෙනකු ඒ සඳහා ලියාපදිංචි වී සිටින බව ද පැවැසෙයි.
‘පද්මාවත්’ යන නමින් තිරගත වීමට නියමිත ‘පද්මාවතී’ ආන්දෝලනාත්මක චිත්‍රපටයට ප්‍රදර්ශනය තහනම් කිරීමට ප්‍රාන්ත අධිකරණවලට කිසිදු බලයක් නැතැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 18 වැනිදා තීන්දුවක් ලබා දුන්නේය. ඒ අනුව, ප්‍රාන්ත මට්ටමින් එය ප්‍රදර්ශනය තහනම් කිරීමට ප්‍රාන්ත රජයයන්ට හැකියාවක් ලැබී නැත.
‘පද්මාවත්’ වුණු ‘පද්මාවතී’ චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කරන්නැයි ඉල්ලා ඇත්තේ රාජස්ථාන, ගුජරාඨ, හර්යානා සහ මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්ත බව ද පැවැසෙයි. එම ප්‍රාන්ත බලධාරීන් ‘පද්මාවත්’ චිත්‍රපටයට මෙසේ විරෝධය දක්වා ඇත්තේ ‘රාජ්පුත්’ හින්දු ජාතිකවාදීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් යැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

