ගෑස් නළයක් පිපිරී 7 ක් මරුට



බංග්ලාදේශයේ දකුණුදිග චිතගොංග් නුවර  ගෑස් නළයක් පිපිරීමෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 17 දෙනෙක් රෝහල් ගත කෙරුණාහ.

ගෑස් නළය නිසි ලෙස නඩත්තු නොකළ බැවින්, එය පුපුරා ගිය බව සිදු කළ පරීක්ෂණවලින් පසු පොලිසිය පවසයි. ගෑස් නළය ප්‍රධාන මාර්ගයක් අසලින් දිවෙන එකකි. එය පුපුරා යද්දී, පදිකයෝ රැසක් ද පිපිරුමට හසුවූහ.

පිපිරුමට හසුවී දරුණු ලෙස පිළිස්සී තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර බොහෝ දෙනකු මියගියේ රෝහග් ගත කිරීමෙන් පසුවය. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩකාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS