ගෑස් කාන්දුවෙලා පිපිරීම් මාලාවක්

ඇමෙරිකාවේ බොස්ටන් ජනාකීර්ණ ප්රදේශ තුනක ගෑස් නළ පුපුරා යෑමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූහ.
පිපිරීමත් සමඟ දහසකට වැඩි නගරවැසියන් පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පොලිසිය සහ ගිනි නිවන භටයෝ කටයුතු කළහ.
පිපිරීම සිදුවූයේ නිවෙස්වලට ගෑස් සැපැයීම සිදුකරන නළ පද්ධතියේ සිදුවුණු කාන්දුවක් හේතුවෙනි. එක් පිපිරීමක් සිදුවීමත් සමඟ ස්ථාන කිහිපයක පිපිරීම් සහ ගිනි ගැනීම් හටගත්තේය. තුවාල ලැබූ 15 දෙනෙක් රෝහල් ගත කෙරුණහ. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

