ග්‍රෙටා දැරිය පිළිබඳ වාර්තා චිත්‍රපටයක්



පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ස්වීඩන දැරිය ග්‍රෙටා තොන්බර්ග් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය වෙමින් පවතින බව ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

‘ග්‍රෙටා’ යන නමින් නම් කළ මෙම වාර්තා චිත්‍රපටය බී රීල් ෆිල්ම්ස් නිෂ්පාදනයකි. චිත්‍රපටයට අධ්‍යක්ෂණය කරන්නේ ස්වීඩන මාධ්‍යවේදියකු මෙන්ම සිනමාකරුවකු ද වන නේතන් ග්‍රොස්මන් යැයි ද පැවැසෙයි.

නිහඬ පාසල් දැරියක ලෙස, ග්‍රෙටා පාසලේ විශේෂ අවසරය ලබා ගනිමින් ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිට සිට ගෝලීය උණුසුම ඉහළ යෑම සම්බන්ධයෙන් විරෝධතා රැළි පැවැත්වීම, ලෝක නායකයන්ට අභියෝගයක් වෙමින් කාලගුණ විපර්යාස පිටුදැකීමට හඬ නැගීම වාර්තා චිත්‍රපටයට ඇතුළත් වනු අත.

ඇමෙරිකාවේ ‘ටයිම්’ සඟරාව මෙම 2019 වසරේ ලොව වඩාත් කැපී පෙනෙන චරිතය ලෙස නම් කර ඇත්තේ ද ග්‍රෙටා තොන්බර්ග් ය. එපමණක් නොව, මෙම 2019 වසරේදීත්, පසුගිය 2018 දීත්, නොබෙල් සාම ත්‍යාගය සඳහා ග්‍රෙටා දැරියගේ නම යෝජනා විය.

ස්ටොක්හෝල්ම් (ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS