කොවිඩ් මරණ මිලියනය පනී



ඇමෙරිකාවේ 'කොවිඩ් 19' මරණ මිලියනයේ සීමාව පසු කර ඇතැයි සෞඛ්‍ය අංශ උපුටා දක්වමින්, ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'කියන්න කනගාටුයි. කොවිඩ් 19 වලට බිලිවුණු ඇමෙරිකානුවන් ගණන මිලියනයක්.' යැයි ඇමෙරිකන් ජෝ බයිඩන් ද 'කොවිඩ් 19' වලට ගොදුරු වුණු පිරිස් වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

'කොවිඩ් 19' වසංගතයෙන් තවමත් ඇමෙරිකානුවන්ට තර්ජන එල්ල වන බවත්, තවමත් කිසිදු එන්නතක් ලබා නොගත් පිරිස් ඇමෙරිකාවේ සිටින බවත් සෞඛ්‍ය අංශ පවසයි.

(රොයිටර්)


RECOMMEND POSTS