කොලින් පවෙල් කොරෝනාට බිලි



ඇමෙරිකාවේ ප්‍රථම කළු ජාතික රාජ්‍ය ලේකම්වරයා මෙන්ම රිපබ්ලිකන් ජනාධිපතිවරුන් කීප දෙනකු යටතේ ඇමෙරිකාවේ විදෙස් ප්‍රතිපත්ති නිසි ලෙස සකස් කිරීමට සහාය දැක්වූ රාජ්‍ය තාන්ත්‍රිකයකු ද වන කොලින් පවෙල් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 84 කි.

කොලින් පවෙල් ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ තරු හතරේ ජෙනරාල්වරයකු වන අතර, රාජ්‍ය ලේකම් ධුරයට අමතරව, ඇමෙරිකාවේ ඉහළම තනතුර ලෙස සැලකෙන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා ලෙස ද රාජකාරි කර තිබේ.

පවෙල් මියගියේ 'කොවිඩ් 19' ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වීමෙන් යැයි ඔහුගේ පවුලේ සාමාජිකයෝ කියති. පවෙල්, 'කොවිඩ් 19' සඳහා අනුමත එන්නත් නියමිත මාත්‍රාවට ලබා ගෙන සිටි අයකු බව ද පැවැසෙයි.

(සී.එන්.එන්.)

 


RECOMMEND POSTS