කොල්ලකරුවන් ගණකාධිකාරිවරුන් දෙදෙනෙකුට වෙඩි තබයි

කොල්ලකරුවන් පිරිසක් රියාද් නුවර අල්-උල්යා අධිවේගි මාර්ගය ආසන්යේ පිහිටා ඇති අල්-අහ්රාම් සාප්පු සංකීර්ණය කොල්ලකෑම සදහා කාන්තා ඇදුම් ඇද (බුර්කාව) පැමිණ ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.
කොල්ලකරුවන් අල්-අහ්රාම් සාප්පු සංකීර්ණයේ සේවය කල ගණකාධිකාරිවරුන් දෙදෙනාගෙන් මුදල් ඉල්ලා ඇති අතර ඔවුන් මුදල් දීම ප්රතික්ෂේප කර ඇත.
එම අවස්ථාවේදි කොල්ලකරුවන් විසින් ගණකාධිකාරිවරුන් දෙනොට පහරදී සෞදි රියාල් 28,000ක් සොරකම් කර ඇති අතර සොරකම් කිරීමෙන් පසුව කොල්ලකරුවන් ගණකාධිකාරිවරුන් දෙදෙනාට වෙඩි තබා ඇත.
එම වෙඩි තැබීමෙන් ගණකාධිකාරිවරුන් දෙදෙනා තුවාල ලබා ඇත.
සිදුවූ සොරකම සාප්පු සංකීර්ණයේ සවිකර තිබු ආරක්ෂිත කැමරා වල සටහන්වී ඇති අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හදුනාගැනීම සදහා එම දර්ශන පොලීසිය විසින් අන්තර්ජාලයට එක්කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පොලීසිය මගින් ආරම්භකර ඇත.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්රියදර්ශන ජයතිලක

