කොරෝනා විකෘතිය ලෝකයට තර්ජනයක්

චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරයි.
මේ වනවිට චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වෙයි. චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සීමා ලිහිල් කිරීමට රජය පියවර ගැනීමත් සමඟය. සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජයට සිදුවූයේ එම සීමා සම්බන්ධයෙන් චීනයේ පාලක ‘කොමියුනිසිට්’ පක්ෂයට දැඩි ජනතා විරෝධයක් එල්ල වීමය.
චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදය මීට පෙර ඇමෙරිකාවෙන් මෙන්ම යුරෝපා රටවලින් ද වාර්තා වී ඇත. ඒ පසුගිය අගෝස්තු මාසයේය. කෙසේ නමුත් සාර්ථක එන්නත්කරණය හමුවේ ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ ව්‍යාප්තිය ද අඩපණ කර ගැනීමට හැකි වුණැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ චීන වැසියන් නිසි එන්නත්කරණයකට ලක් නොවුණු බැවිනි. චීන වැසියන්ට ලබා දී ඇත්තේ චීනයේ නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත් පමණි. බටහිර රටවල එන්නත් චීනය ප්‍රතික්ෂේප කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඞ්හොම් ගෙබි්රයේසිස් චීන රජයට සහ සෞඛ්‍ය අමත්‍යාංශයට පැහැදිලි කර ඇත්තේ, සාර්ථක එන්නත්කරණයක් ක්‍රියාවට නංවා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්නා ලෙසය.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ‘කොවිඞ් 19’ තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රධානීන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා පැවැත්වීය. ඊට හේතු වූයේ ඉන්දියාවෙන් ද ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදය හමුවීමය.
බවත් විටමින් සී නියමිත මාත්‍රා ලබා ගන්නා බවත් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජේන් සෙන්ග් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

