කොරෝනා වයිරසයේ නොදුටු දසුන්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මිනිස් උදරය තුළ පැතිර යන ආකාරය දැක්වෙන අති පැහැදිලි ඡායාරූප පෙළක් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

අති ප්‍රබල අන්වීක්ෂයකින් ලබා ගත් මෙම සුපැහැදිලි දසුන්වලින් පෙන්නුම් කරන්නේ ‘කොවිඞ් 19’ වයිරස විෂබීජ අංශු මිනිස් උදරයක ව්‍යාප්තවන අයුරුය. සුදු පැහැයෙව් ඇත්තේ වයිරස විෂබීජ ය. නිල් සහ කොළ පැහැයෙන් ඇත්තේ මහාන්ත්‍රය එසේත් නැතිනම් මහබඩවැලය.

ලබා ගත් මෙම ඡායාරූප ගෙගාබයිට් 30-50 ක් විශාල වන අතර සාමාන්‍යයෙන් අයිෆොන් ඡායාරූපයකට වඩා 500 ත් 1,000 අතර විශාලත්වයකින් යුක්ත යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

‘කොවිඞ් 19’ වයිරසය උදරය තුළ ක්‍රියාත්මක වන අයුරු ප්‍රබල අන්වීක්ෂ ඇසුරින් මෙසේ ඡායාරූපයට නැගුවේ, බි්‍රතාන්‍යයේ ඩන්ඩී වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් යැයි ‘ද සන්’ පුවත් වෙබ් අඩවිය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS