කොරෝනා මැද්දේ රොකට් යවලා



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලොව කලඹද්දී, උතුරු කොරියාව කෙටි දුර මිසයිල දෙකක් සාර්ථකව අත්හදා බැලූ බව වාර්තා වේ.

උතුරු කොරියාව සිදු කළ මෙම මිසයිල අත්හදා බැලීම වාර්තා කළේ දකුණු කොරියානු හමුදාවය.
මීට මාස දෙකකට පෙර ද උතුරු කොරියාව මේ අයුරින් ම මිසයිල අත්හදා බැලීම් සිදු කළේය.

මේ අතර තවමත් විල වශයෙන් උතුරු කොරියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් හමුවී නැත. වයිරසය මර්දනයට උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ රජය දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව අසන්න ලැබේ.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයෙනි. එය දකුණු කොරියාවට ද ව්‍යාප්තවී ගොස් ඇත. උතුරු කොරියාවේ සමීපතම අසල්වැසියා චීනයයි. උතුරු කොරියාව චීනය සමඟ සමීප සබඳතා පවත්වාගෙන යයි.

විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට උතුරු කොරියාවේ කොරෝනා වයිරසය පැතිර යෑමට පටන් ගත්තොත්, එය චීනයට වඩා දරුණු විය හැකි බවය. සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවට විදෙස් ආධාර ලබා ගැනීම පවා අසීරුය.

(අල් ජසීරා)


RECOMMEND POSTS