කොරෝනා මරණ ලක්ෂ 4 යි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් සිදුවුණු මරණ මේ වනවිට ලක්ෂ 4 ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

තවමත් වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ‘කොවිඞ් 19’ වයිරසයෙන් බැට කන තවත් රටක් වන්නේ බ්‍රසීලයයි. වයිරසය හේතුවෙන් බ්‍රසීලයේ මරණ 36,000 ක් වාර්තා වෙයි.

ඉන්දුනීසියාවෙන් ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 993 ක් හමුවිය. ඒ, එරටින් දිනකදී හමුවුණු වැඩිම මරණ සංඛ්‍යාවය.  ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 30,000 ක් වන අතර මරණ 1,801 ක් වාර්තා වේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ද පළමු වරට ලෝකවාසීන්ට දන්වා ඇත්තේ නිවසින් බැහැරව යන්නේ නම් මුහුණු ආවරණ පලඳින ලෙසය.

(අල් ජසීරා)


RECOMMEND POSTS