කොරෝනා මරණ 2,251 ක්

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැතිරෙන ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 2,251 ක් වාර්තා වී ඇත.
වයිරස ආසාදිතයන්ගෙන් 18,890 ක් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවත්, ආසාදිතයන් 76,843 ක් සිටින බවත් චීන සෞඛ්‍ය බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
චීනයෙන් පිට වයිරස ආසාදිතයන් 634 ක් විදේශවලින් හමුවී ඇතැයි ද වාර්තා වේ. චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙනි. එම සංඛ්‍යාව 204 කි.
(රොයිටර්ස්)

