කොරෝනා මදිවට චීනයේ කුරුලු උණ

චීනයේ නව කොරෝනා වයිරසය ආරම්භ වුණු හුබෙයි පළාතට යාබද හූනාන් පළාතෙන් ‘එච්5න්1’ කුරුලු උණ වයිරසය ද පැතිර යමින් පවතින බව චීන සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා ඇත.
කුකුළන් 7,850ක් සිටි ගොවිපොළකින් ‘එච්5න්1’ කුරුලු උණ වයිරසය පැතිර ගොස් තිබෙන අතර එහි සිටි කුකුළන් 4,500ක් මියගොස් ඇතැයි ද වාර්තා වී තිබේ.
‘එච්5න්1’ හේතුවෙන් ඉකුත් පළමු වැනිදා පමණක් කුකුළන් 4,500 කට වැඩි සංඛ්‍යාවක් මරා දැමූ චීන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙන්ම හූනාන් පළාතේ සෞඛ්‍ය බලධාරීහු ද පැවැසූහ. මේ වනවිට මරා දමා ඇති කුකුළන් සහ වෙනත් ගොවිපොළ පක්ෂීන් ගණන 17,800 කි.
‘එච්5න්1’ වයිරසය පැතිර ආරම්භ වී ඇත්තේත් එය පැතිර යෑම සිදුවී ඇත්තේත් ෂයෝයැං නගරයෙනි. පසුගිය වසරේ ද මේ අයුරින්ම චීනයේ ලනියොනින් පළාතෙන් කුරුලු උණ වසංගතයක් පැතිර ගියේය. ෂයෝයැං නගරයෙන් ආරම්භ වුණු ‘එච්5න්1’ වයිරසය තවමත් මනුෂ්‍යයන්ට ආසාදනය වී නැති බවත්, එසේ නොවීමට වගබලා ගන්නා බවත් චීන සෞඛ්‍ය බලධාරීහු පැවැසූහ.
බීජීං නුවරදීය (රොයිටර්)

