කොරෝනා පාලනය කළා: උතුරු කොරියාව



රටේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වූ බව උතුරු කොරියා රජය පවසා තිබේ.

උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තියේ පාලනයක් සිදුවී ඇති බව දකුණු කොරියාව ද සනාථ කර තිබේ. ඒ, උතුරු කොරියාවෙන් ලැබෙන තොරතුරු අනුවය.

උතුරු කොරියාව ‘කොවිඩ් 19’වසංගතයක් රටේ ව්‍යාප්ත වන බව නිල වශයෙන් නිවේදනය කළේ මැයි 12 වැනිදාය. ඒ එරට ව්‍යාප්ත වූ උණ රෝගී තත්ත්වය ‘කොවිඩ් 19’ බව තහවුරු වීමෙනි.

ගතවුණු පැය 24 ඇතුළත හමුවුණු ආසාදිතයන් ගණන 1,34,510 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන වාර්තා වන්නේ මිලියන 2.95 ක් ලෙසය. සමස්ත මරණ වාර්තා වන්නේ 68 ක් ලෙසිණි.

(රොයිටර්)


RECOMMEND POSTS