කොරෝනා පරද්දන්න නව වැඩපිළිවෙළක්



රටේ පැතිරෙන ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සමඟ එක් වී නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ.

චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ එරටින් දෛනිකව ‘කොවිඩ් 19’ මරණ 9,000 බැගින් වාර්තා වෙද්දීය. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය චීන සෞඛ්‍ය අංශවලින් ඉල්ලා ඇත්තේ දෛනිකව හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ දෛනික ‘කොවිඩ් 19’ මරණ තමන්ට නොසඟවා දැනුම් දෙන ලෙසය.

‘කොවිඩ් 19’ සම්බන්ධයෙන්, චීන සෞඛ්‍ය අංශ පනවා තිබුණුි සීමා මේ වනවිට ලිහිල් කර තිබේ. ඒ, චීන වැසියන්ගෙන් එම සීමා සම්බබ්ධයෙන් එල්ල වුණු දැඩි විරෝධය හේතුවෙනි. චීනයේ ‘කොවිඩ් 19’ වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ‘කොවිඩ් 19’ නව උප ප්‍රභේද කීපයක් එරට පැතිර යන නිසා යැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

මේ අතර, චීනයේ සිට පැමිණෙන සියලු දෙනා, ‘කොවිඩ් 19‘ පරීක්ෂණවලට යොමු වී, ආසාදිතයන් නොවන බව තහවුරු කළ යුතු යැයි ප්‍රංශය සහ එක්සත් රාජධානිය තීරණය කර ඇත.
ප්‍රංශය සහ එක්සත් රාජධානිය මෙසේ තීරණය කළේ ඇමෙරිකාව, ඉන්දියාව ඇතුළු ලොව රටවල් කීපයක් මේ වනවිටත් චීනය සම්බන්ධයෙන් දැඩි සෞඛ්‍ය සීමා පනවා ඇති බැවිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS