කොරෝනා තර්ජන මැද මිහිකත දිනය සැමරේ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය තර්ජනය මැද ලෝකවාසී සැවොම අද (22) මිහිකත දිනය සැමරුවේය.
‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන් මේ වනවිට ලෝක ජනගහනයෙන් 1/3 කට වඩා වැඩි පිරිසක් නිවෙස්වලට සීමා වී ඇති හෙයින්, නිවෙස්වල සිට සමාජ මාධ්‍ය ඔස්සේ එක් වී, බටහිර රටවල වැසියෝ පරිසර සමුළු පැවැත්විණි.
මිහිකත දිනය නමින් දිනයක් නම් කර ඇත්තේ පරිසරය සුරැකීමේ ඇති වැදගත්කම පෙන්වා දීමක් වශයෙනි. පළමුවෙන් මිහිකත දිනය සැමරීම සිදුවූයේ 1970 වසරේදීය. මිහිකත දින සැමරුම් උත්සව සඳහා ලෝකයේ රටවල් 193 ක පරිසරවේදීන් ඇතුළු පරිසර සුරැකීමේ සංවිධාන අත්වැල් බැඳ ගනී.
වයිරසය හේතුවෙන් මිනිසුන් නිවෙස්වලට සීමා වෙද්දී, ලෝකය මේ වනවිට වඩාත් සුන්දර තැනක් බවට පත් ව ඇති බවත්, සොබාදහමේ සැබෑ සුන්දරත්වය වසර ගණනාවකට පසු යළි දකින්න ලැබෙන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.
‘කොවිඞ් 19’ වයිරස වසංගතය ආරම්භ වූයේ චීනයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. අද වූහාන් නුවර පමණක් නොව, චීනයේ සෙසු නගරවල ද ගස් මල්වලින් පිරී ඇත. මුවන් ගෝනුන් නගරවල පවා නිදැලේලේ හැසිරෙනු දකින්න ලැබෙයි.
වයිරසයෙන් දරුණු ලෙස බැටකන රටක් ලෙස සැලකෙන්නේ ඉතාලියයි. ලොව ප්‍රධානතම සංචාරක ආකර්ශනයක් ලෙස සැලකෙන ඉතාලියේ වැනීසිය අද පාලුවට ගොස් ඇත. දශක ගණනාවකට පසු වැනීසියේ දිය පිරුණු මාර්ගවල ජලය ඉතා පැහැදිලි බවත්, මිනිස් ක්‍රියාකාරකම් නොමැති බැවින්, ඩොල්ෆින් මසුන් මෙම දිය මාර්ගවල දකින්න ලැබෙන බවත් පැවැසෙයි.
පසුගිය වසරේ ලොව වායු දූෂණය වැඩිම නගරයක් වූයේ චීනයේ බීජීං අගනුවර ය. චීනයට පිරිසුදු වාතය කැනඩාවෙන් මිලදී ගැනීමට පවා සිදුවිය. කෙසේ නමුත් රථවාහන ධාවනය නොවීමත් කර්මාන්තශාලා වසා දැමීමත් සමඟ චීනයේ වාතය පිරිසුදු වී ඇතැයි පැවැසෙයි.
ලොව සෑම ප්‍රධාන නගරයකම වාතය පිරිසුදු වෙමින් පවතී. සොබා දහමට නව පණක් ලැබෙමින් පවතී. වායු දූෂණය, පරිසර දූෂණය අඩුවෙමින් යයි. හරිතාගාර වායු වායුගෝලයට එක් වීම සීඝ්රයෙන් පහළ ගොස් ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.
දින 21 ක කාලයක් සඳහා ඉන්දියාව ‘ලොක්ඩවුන්’ කිරීමට එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගැනීමත් සම ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ වනජීවී නිලධාරීන් කියා සිටියේ ‘ඔපිව් රිඞ්ලි’ නමැති වදවීමේ තර්ජනයට ලක් වුණු කැස්බෑවුන් ලක්ෂ 4 කට වැඩි බිත්තර ප්‍රමාණයක් වෙරළේ දමා ඇති බවය.
පැටවුන් පැමිණෙන තුරු එම බිත්තර ආරක්ෂා කරන බව ද වනජීවී නිලධාරීන් පවසා තිබේ. කැස්බෑවුන් වැඩිවැඩියෙන් මෙලෙස මුහුදු වෙරළ වෙත පැමිණ බිජු ලෑම බ්‍රසීලයෙන් ද වාර්තා වී ඇත. උතුරුදිග වේල්සයේ වෙරළාසන්නයේ නිරෝධායනය කර වසා දැමුණු නගරයක බැටළුවන් සහ එළුවන් විශාල වශයෙන් නිදැල්ලේ ගැවසෙන බව ද වාර්තා වේ.
නිව්යෝක්හිදීය (රොයිටර්)

