කොරෝනා ගෝලීය හදිසි තත්ත්වයක්

චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙන නව කොරෝනා වයිරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගත්තේ චීනයෙන් ආරම්භ වුණු වයිරසය, රටවල් රැසක පැතිරීමත් සමඟය. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ලොව හෑම රටක්ම වයිරසය පැතිරීම වැළැක්වීමට පියවර ගැනීම කළ යුතු වෙයි.
මේ වනවිට වයිරසය රටවල් 21 කට පැතිර ගොස් ඇත. එම රටවලින් පළමුවෙන් හමුවූයේ චීනයේ සිට පැමිණි රෝගීන්ය. නමුත් දැන් වාර්තා වන්නේ එම රටවල් ඇතුළේ වයිරසය පැතිරීම ආරම්භ වී ඇති බවය.
(අල් ජසීරා)

