කොරෝනා එන්නත මුලින්ම ඇමෙරිකානුවන්ට
ජර්මනියේ ‘බයෝ එන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී නිපදවා ඇති, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වන එන්නත පළමුවෙන් ලැබෙනු ඇත්තේ ඇමෙරිකානුවන්ට යැයි එම ඖෂධ සමාගම් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘බයෝ එන් ටෙක්’සහ ‘ෆයිසර්’ සමාගම් එක් වී නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත සාර්ථක බව නිවේදනය කෙරුණේ ඊයේ (9) දිනයේය. අත්හදා බැලීම් මට්ටමින් එන්නත ලබා දුන් සියයට 90 කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.
මෙම එන්නත කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇති බව ද පැවැසෙයි. ඊට හේතුව එන්නත කිසිදු අතුරු ආබාධයක් පෙන්නුම් නොකිරීමය.
‘බයෝ එන් ටෙක්’ සහ ‘ෆයිසර්’ සමාගම් එක් වී නිපදවා ඇති කොරෝනා මර්දන එන්නත මාත්‍රා දෙකකින් සමන්විත වන අතර සති තුනක පරාසයක් යටතේ ඒවා ලබා දීම සිදු කෙරේ. අවසන් මාත්‍රාව ලබා දෙන්නේ දින 7 කට පසුවය. ඉන්පසු ‘කොවිඩ් 19’ වයිරසයෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබේ.
එන්නත පළමුවෙන් ඇමෙරිකානුවන්ට පමණක් ලබා දීමට ‘බයෝ එන් ටෙක්’ සමාගම ඇමෙරිකන් රජය සමඟ ගිවිසුමකට අත්සන් කර තිබේ. ඇමෙරිකානුවන්ට එන්නත ලබා ගැනීම හැකිවන්නේ රෝහල් හරහා පමණි. ඊට හේතුව එන්නත සෙල්සියස් අංශක 70 ක උෂ්ණත්වයක් යටතේ ගබඩා කර තැබීමට අවශ්‍ය වන නිසාය.
ජර්මනිය, ඇමෙරිකාව, තුර්කිය, දකුණු අප්‍රිකාව ආදී රටවල 43,500 ක පිරිසක් සම්බන්ධ කර ගනිමින් එන්නත සම්බන්ධයෙන්, තෙවැනි අදියරේ සායනික පර්යේෂණ සිදු කර තිබේ.
(රොයිටර්)

