කොරෝනා එන්නත නොවැම්බරයේ
නොවැම්බර් පළමු වැනිදා සිට ඇමෙරිකානුවන් සැමට, කොරෝනා මර්දන එන්නත නොමිලේ ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පවසයි.
ජනපති ට්රම්ප්, ඇමෙරිකන් වසංගත රෝග මර්දන ඒකකයට උපදෙස් දී ඇත්තේ නොවැම්බර් පළමු වැනිදා වනවිට එන්නත ජනතාවට බෙදාදීම ආරම්භ කළ යුතු බවය.
ජනපති ට්රම්ප් මෙසේ පැවැසුවත්, එන්නත සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ සම්පූර්ණ නොමැති බැවින්, එය කඩිමුඩුයේ ඇමෙරිකානුවන්ට ලබා දීමට හැකියාවක් නොමැති බව ඇමෙරිකන් වසංගත රෝග මර්දන ඒකකය පවසා තිබේ.
ඇමෙරිකාවේ ප්රධාන පෙළේ ඖෂධ සමාගම් දෙකක්, මේ වනවිට එන්නත් නිර්මාණයේ අවසන් අදියරට පැමිණ සිටින බව පැවැසෙයි. එන්නත් නිපදවීම සිදුවන්නේ, ඇමෙරිකන් රජයේ අනුග්රහය යටතේය.
ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 3 වැනිදාය. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.
ඇමෙරිකාවේ කොරෝනා ඉහවහා ගියේ ට්රම්ප් පරිපාලනයේ දුර්වලතා නිසා යැයි චෝදනා එල්ල වී ඇති අතර, ජනමත සමීක්ෂණවලින් පෙනී යන්නේ ජනපති ට්රම්ප්ට වඩා ජනපතිවරණයට ඉදිරිපත් වන ප්රතිවාදී ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බවය.
නොවැම්බර් 1 වැනිදා ඇමෙරිකානුවන් සැමට, වයිරස මර්දන එන්න නොමිලේ ලබා දීමට ට්රම්ප් පරිපාලනයට හැකි වුවහොත්, එය ට්රම්ප්ගේ ජයග්රහණයට හේතුවක් වේවි යැයි ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
වොෂින්ටනයේදීය (රොයිටර්)

