කොරෝනා ආසාදිතයෝ මිලියන 50 ක්

ලොව පුරා ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන අද (9) 50,000,000 සීමාව පසු කළේය. සමස්ත ආසාදිතයන් වාර්තා වූයේ 50,731,151 ක් ලෙසිණි.
ආසාදිතයන් මිලියන 50 සීමාව පසු කරද්දී, කොරෝනා මරණ වාර්තා වූයේ 1,261,971 ක් ලෙසිණි. වයිරසය ආාසදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 35,793,227 කි
තවමත් වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ගතවුණු පැය 24 තුළ වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ ද ඇමෙරිකාවෙනි. ගතවුණු පැය 24 ඇතුළතදී ඇමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 101,409 කි. මරණ වාර්තා වූයේ 497 ක් ලෙසය.
පසුගිය දිනවල ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් දිනපතා ඉහළ අගයක් ගත්තේ, එරට පැවැත්වූ ජනාධිපතිවරණය හේතුවෙනි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ඩිමොක්රටික් පක්ෂ ජෝ බයිඩන් අවාධාරණය කර ඇත්තේ තමන් මේ වනවිටත්, ඇමෙරිකාවේ වයිරස ව්‍යාප්තිය පාලනය සහ මර්දනයට නිසි ක්‍රමවත් ජාතික වැඩපිළිවෙළක් සකසා ඇති බවය. ජෝ බයිඩන් අද (9) ද සෞඛ්‍ය බලධාරීන් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.
තමන් ජනාධිපති ධුරයට පත්වුවහොත් පළමු දිනයේ පටන් කොරෝනා මර්දනයට පියවර ගන්නා බව බයිඩන්ගේ ඡන්ද පොරොන්දුවකි. වයිරස ව්‍යාප්තිය පාලනය සඳහා මුහුණු ආවරණ අනිවාර්ය කිරීමට, නගර සහ ප්‍රාන්ත මට්ටමින් ලොක්ඩවුන් කිරීමට තමන් පසුබට නොවන බව බයිඩන් පොරොන්දුවක් දී තිබේ. බයිඩන් ජනපති ධුරයේ දිවුරුම් දෙන්නේ ලබන 2021 ජනවාරියේය.
වයිරස ආසාදිතයන් දෙවැනියට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 8,553,864 කි. මරණ වාර්තා වන්නේ 1,26,563 ක් ලෙසිණි. තෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වුවත්, දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. බ්‍රසීලයෙන් වාර්තා වන මරණ 1,62,397 කි. බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 5,664,115 කි.
ජිනීවාහිදීය (රොයිටර්)

