කොරෝනා ආසාදිතයෝ 98,382 ක්



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වී ලොව පුරා පැතිරෙන ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව අද (6) වනවිට 98,382 දක්වාත්, මරණ සංඛ්‍යාව 3,383 දක්වාත් ඉහළ ගියේය.

චීනයෙන් පිට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ ඉතාලියෙනි. අද (6) වනවිට ඉතාලියෙන් කොරෝනා මරණ සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් තිබුණු අතර ඉතාලියෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,858 ක් බව වාර්තා විය.

චීනයෙන් පිට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙනි. දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (6) 6,284 ක් දක්වා ඉහළ ගිය අතර, මරණ සංඛ්‍යාව 40 ක් බව පැවැසිණි.

අද (6) ඉරානයෙන් කොරෝනා මරණ 107 ක් වාර්තා විය. චීනයෙන් පිට දෙවැනියට කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉරානයෙනි. ඉරානයෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (6) වනවිට 3,513 ක් දක්වා ඉගළ ගිය බව වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS