කොරොනාට එරෙහිව සාර්ක් නායක සමුළුවක්
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව සාර්ක් සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට වීඩියෝ සමුළුවක් පැවැත්වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සාර්ක් කලාපීය නායකයෝ වීඩියෝ පණිවුඩ හුවමාරු සේවා ඔස්සේ සම්බන්ධ වී සිටිති.
ගෝලීය වසංගතයක් බවට පත්වුණු වයිරසය පාලනය කිරීමට සාර්ක් කලාපීය රටවල් අතරේ ඒකාබද්ධ උපාය මාර්ගික ක්‍රියා මාර්ග ගැනීම මෙම සමුළුවේ අරමුණ ය.
(එන්.ඩී.ටීවී.)

