කොරියානු මහ මැතිවරණය ඇරැඹේ
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණය අද (15) ආරම්භ විය.
දකුණු කොරියාවේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 10,000 පසු කර තිබේ. මරණ සංඛ්‍යාව 222 කි. මැතිවරණ ක්‍රියාදාමයට මැතිවරණ කොමිසමඳ දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් පමණක් නොව රජය මැදිහත් විය.
මැතිවරණ රැලි පැවැත්වූයේ නැත. දේශපාලන පක්ෂ ජනතාව ආමන්ත්‍රණය කළේ සමාජ මාධ්‍ය භාවිත කරමිනි. මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව ‘කොවිඞ් 19’ ය.
දකුණු කොරියානු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ එරට පාර්ලිමේන්තුවේ ආසන 300 වෙනුවෙන්, නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය. මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 35 ක් ලියාපදිංචි වී සිටියේය. එසේ වුවත්, සටන පැවැතියේ පාලක පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය අතරේ ය.
දකුණු කොරියාවේ පාලක පක්ෂය මින්ජෝ ප්රජාතන්ත්රවාදී පක්ෂයයි. විපක්ෂය කොන්සවටිව් එක්සත් පක්ෂයයි. දකුණු කොරියානු ජනාධිපතිවරණය 2022 දී පැවැත්වීමට නියමිත අතර, පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති මූන් ජේ ඉන් සහ ඔහුගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලීමක් විය.
(රොයිටර්)

