කොරියා නායකයාට ඉක්මන් සුව පතයි



හදවත් සැත්කමකින් පසු ගිලන් වී සිටිනවා යැයි පැවැසෙන උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට තමන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අතරතුරේදීය. ‘මට කියන්න තිබෙන්නේ එක දෙයයි. මා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔහු යහතින් සිටිනවා ඇතැයි මා විශ්වාස කරනවා. නායක කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බලන්න උත්සාහ කරනවා’ යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට හදවත් සැත්කමක් සිදු කළ බවටත් එම හදවත් සැත්කමින් පසු ඔහුගේ මොළය මියගොස් ඇති බවටත් බටහිර ගැති විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැවැසුවේ ඒ ගැන තමන් කිසිවක් නොදන්නා බවය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS