කොරියන් නායකයා ආපසු එයි



රුසියන් සංචාරය අවසන් කරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් යළි උතුරු කොරියාව බලා පැමිණියේය. උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දේශසීමා හරහා රුසියාවේ ව්ලැදිවොස්ටොක් නගරයට ගියේත් ආපසු උතුරු කොරියාව බලා පැමිණියේත් ඔහුගේ වෙඩි නොවඳින විශේෂ දුම්රියෙනි.

මාධ්‍ය වාර්තා අනුව උතුරු කොරියා නායකයා රුසියන් සංචාරය නිමා කරමින් ආපසු පැමිණියේ රුසියන් ජනාධිපතිවරයා ලබා දුන් ත්‍යාග ද සමඟිනි. රුසියාවේ නිෂ්පාදිත ‘ජර්නාන්25’ වර්ගයේ ඩ්‍රෝන යානා සහ වෙඩි නොවඳින කඩා එම ත්‍යාග අතර වෙයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, දින 6 ක් රුසියාවේ වොස්ටොක්නි නුවර රැඳි සිටියේය. පුටින්ගෙන් නායක කිම් ජොන් උන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

ඇමෙරිකන් බුද්ධි අංශ පවසන්නේ රුසියන් ජනාධිපති පුටින්, උතුරු කොරියානු නායකයා සමඟ ආයුධ ගිවිසුමකට එකඟ වූ බවය. රුසියානු රජය හෝ උතුරු කොරියානු රජය හෝ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.


RECOMMEND POSTS