කේරළයේ ටැප් වතුරට මත්පැන් මුසුවෙලා



දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහල් නිවාස සංකීර්ණයකට ලැබෙන නල ජල පද්ධතියට මත්පැන් කලවම්වීමෙන් මහත් ආන්දෝලනයක් හට ගත්තේය.

නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පෙරේදා (6) උදෑසන නල ජලය පරිහරණය කරද්දී අමුතු වර්ණයක් සහ ගන්ධයක් දැනී ඇත. ඔවුන් ඒ බව නගර බලධාරීන්ට දැන්වා ඇති අතර, නගර බලධාරීන් සහ පොලිසිය පැමිණ සිදුවී ඇත්තේ කුමක්දැයි සොයා බැලුවේය. අකරතැබ්බට මුහුණ පා ඇත්තේ මහල් නිවාස 18 ක පදිංචිකරුවන් යැයි ද පැවැසෙයි.

නල වතුරට බීර, බ්‍රැන්ඩි සහ රම් කලවම් වී ඇති බව සිදු කළමූලික පරීක්ෂණවලදී අනාවරණය විය. මහල් නිවාස සංකීර්ණයේ බොහෝ දෙනකු උදෑසන ආහාර පිසීමට, වැසිකිළි යෑමට පමණක් නොව, ස්නානය කිරීමට ද මෙම මත්පැන් මුසු නල ජලය භාවිතයට ගෙන ඇති බව කේරළ මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

නගරසභා නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සිදුවී ඇත්තේ කුමක්දැයි වැඩිදුර විමර්ශනයක් සිදුවිය. එහිදී නල ජල පද්ධතියට මත්පැන් මුසුවූ අයුරු සොයා ගැණුනි.

අධිකරණ නියෝගයක් මත අත්අඩංගුවට ගැණුනු මත්පැන් බෝතල් තොගයක් වළකට දැමීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන ඇත. සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ලැබූ නීති විරෝධී මත්පැන් බෝතල් තොගයක් වළකට දමා ඇත.

මේ වළ පිහිටා ඇත්තේ මහල් නිවාස සංකීර්ණයට ජලය ලබා ගන්නා ළිඳ අසලය. බෝතල්වලින් මත් පැන් කාන්දු වී බසට උරාගෙන ඇති බවත්, පසුව පස් හරහා එම මත්පැන් ළිඳට කාන්දු වී ඇති බවත් වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය විය. ළිඳට කාන්දු වී ඇතැයි පැවැසෙන මත්පැන් ලීටර් ගණන 6,000 කට වැඩිය.

මත්පැන් බෝතල් වෙනත් තැනකට රැගෙන යෑමට පියවර ගත් අතර මහල් නිවාස වැසියන්ට වෙනත් මාර්ගයකින් ජලය ලබා දීමට කටයුතු යෙදුණි.  කේරළයට යනු ඉන්දියාවේ වැඩිම මත්පැන් පරිභෝජනයක් සිදු කරන ප්‍රාන්තයයි.

කේරළයේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS