කෙන්යාවේ රුක් රෝපණ වැඩසටහනක්



පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීමේ අරමුණින්, දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීමට කෙන්යානු රජය සූදානම් වෙයි. ඒ අනුව, ලබන 13 වැනි සඳුදා කෙන්යානු රජය විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති අතර, එදින සෑම කෙනකුම එම රුක් රෝපණ වැඩසටහනට සහභාගී විය යුතු බව නිවේදනය කර තිබේ.

කෙන්යාව අප්‍රිකානු රාජ්‍යයකි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව, 1990 සිට 2010 අතර කාලයේ කෙන්යාවේ වන ගහණය සියයට 12 සිට සියයට 6 දක්වා අඩු වී තිබේ. පරිසර පද්ධති සංරක්ෂණය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ලබන සඳුඳා දිනයේ දීප ව්‍යාප්ත රුක් රෝපණ වැඩසටහනක් පැවැත්වීමට කෙන්යානු රජය තීරණය කර ඇත්තේ එහෙයිනි.


RECOMMEND POSTS