කෙන්යාවේ බස් නැවැතුම් පොළකට ත්‍රස්ත ප්‍රහාරයක්



ඊසානදිග කෙන්යාවේ වජීර් නුවර බස් රථ නැවැතුම්පොළකට කඩා වැදුණු ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ වෙඩි තැබීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 15 කි.

මියගිය 10 දෙනා අතර කෙන්යා පොලිස් නිලධාරීන් සිටින බව ද පැවැසෙයි. වජීර් නගරය පිහිටා ඇත්තේ කෙන්යා, සෝමාලියා දේශසීමාව අසලය. සේමාලියාවේ අල් ෂෙබාබ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බව ද පැවැසෙයි.

එය තවත් අමානුෂික ප්‍රහාරයක් යැයි පවසමින්, ප්‍රහාරය හෙලා දැකීමට කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා කටයුතු කළ බව ද වාර්තා වේ.

නයිරෝබී නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS