කෙන්යාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටේ

කෙන්යාවේ නයිරෝබි අගනුවර ප්රාථමික පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් සිසුන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ 57 දෙනකු කඩිනමින් රෝහල් ගත කළ බව ද වාර්තා වේ.
කඩා වැටී ඇත්තේ බටහිර ආධාර ලබන ‘ප්රෙෂස් ටොප් ස්කූල්’ නමැති පාසලේ දැවවලින් සකසා තිබූ පංති කාමරයකි. එය කඩා පාත් වී ඇත්තේ පාසල ආරම්භ වී මිනිත්තු කීපයක් යද්දී යැයි ද පැවැසෙයි.
දැවවලින් තැනූ එම පංති කාමරය කඩා වැටීමට හේතුව, ඒ අසල නගරසභාව සිදු කළ ජල නල පද්ධතියක් එල්ලීම යැයි පාසලේ විදුහල්පති මෝසස් ඩිරංගු පවසා ඇත.
(බී.බී.සී.)

