කුවේට්හිදී මත්පැන් පානය කළ ආසියානුවා අත් අඩංගුවට



මත්පැන් පානය කර පාසලක් අසල බිම වැතිරී සිටි ආසියානුවකු කුවේට්හි ඛයිතාන් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

ආරක්ෂක අංශ පවසන අන්දමට පාසලක්  අසල බිම වැතිරී සිටින පුද්ගලයකු පිළිබඳව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ මෙහෙයුම් කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂක නිලධාරින් සහ අනුපූරක වෛද්‍ය නිලධාරින් පිරිසක් එම ස්ථානයට වහා දුව ගොස් ඇත.

ඔවුහු එම පුද්ගලයාගේ තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු ආසියාතිකයෙකු බව හඳුනාගෙන ඇත. ඔහුගෙන් මත්පැන් ගඳ වහනය වීම නිසා ආරක්ෂක නිලධාරින් ඔහු අත් අඩංගුවට ගෙන ඇති අතර අත්  අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ‘මගේ ජිවිතය කාලන්නි එකක් ජිවත්වීමේ තෙරුමක් නෑ.. මට මැරෙන්න ඕනෑ‘ යයි පැවසූ බව ආරක්ෂක නිලධායෙක් පැවසිය.

ඉන්පසුව එම පුද්ගලයා අසල තිබූ රෝහලකට ඇතුළත් කර ඇති අතර ඉන්පසුව අවශ්‍ය නීතිමය පියවර ගැනීම  සඳහා ආපසු පොලිසියට බාරදිමට නියමිතය.

(ඇරැබ් ටයිම්ස් )


RECOMMEND POSTS