කුවේට්හි විදේශකයන්ට අලුත් නීති පැනවෙයි ..?



ක්වේට්හි සිටින විදේශ ශ්‍රමිකයන් ඔවුන්ගේ  ආදායම හා රැකියාව අනුව වර්ගකළ යුතු බවත්  ඔවුන් කුවේට් දේශයේ රැඳී සිටීමට නම් අනිවාර්ය පරීක්ෂණයකට යැවිය යුතු බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුර්රහ්මාන් අල් ජීරාන් යෝජනා කරයි.

විදේශ ශ්‍රමිකයන් ඔවුන්ගේ ක්ෂේත්‍රයට අදාළ පුහුණු පාඨමාලා හැදෑරිය යුතු බවත් ඒ  සඳහා වන ගාස්තුව ඔවුන් විසින් ගෙවිය යුතු බවත් එම පරීක්ෂණයෙන් දෙවරක් අසමත් වුවහොත් රටින් පිටුවහල් කළ යුතු බවත් මෙම කරුණ සම්බන්ධයෙන් වැඩි දුරටත් විස්තර කරන මන්ත්‍රීවරයා කියා සිටියි.

කුවේට්හි ජනගහණ අසමතුලිතතාව කුවේට් ජාතික සභාව ඔක්තෝබර් මාසයේදී රැස්වූ විට ප්‍රමුඛත්වය දිය යුතු කරුණක් වන්නෙ යයිද ඔහු මීට සතියකට පෙර තර්ක කළේය. කුවේට්හි ජනගහණය ලක්ෂ 43ක් පමණ වන අතර එයින් දළ වශයෙන් සියයට 70ක් විදේශිකයන්ය.


RECOMMEND POSTS