කුවේට් හා ඉරානය අතර මත්පැන් ජාවාරමක් අසුවේ
හොර රහසේ කුවේට් සහ ඉරානය අතර පවත්වාගෙන ගිය මත්පැන් ජාවරමක් අල්ලා ගැනීමට කුවේට් මත් දුව්‍ය නාශක කාර්යාංශය සමත්විය.
මෙම මත්පැන් අල්ලා ගන්නා අවස්ථාවේදි මත්පැන් බෝතල් 180,000ක් පෙට්ටි 15,000ක ගබඩා කර තිබී ඇත.
මෙහි වටිනාකම කුවේටි ඩිනාර් මිලියන 15කි.
උපාය දුතයින් යොදවා මේ පිළිබදව විමර්ෂණය කර ඇති අතර එම උපාය දූතයින් මෙම මත්පැන් මිලදී ගැනීමට ගොස් ඇත.
උපාය දූතයින් මත්පැන් පෙටිට් 70ක් කුවේටි ඩිනාර් 57,000කට මිලදී ගැනීමට පොරොන්දු වී ඇත.
මෙහිදි හෙලිවුණු කරුණු අනුව මෙම ජාවාරම සිදුකර ඇත්තේ 37 හැවිරිදි කුවේට් ජාතිකයෙකු හා 41 හැවිරිදි ඉරාන ජාතිකයෙකු විසිනි.
මෙම රැකියා විරහිත 37 හැවිරිදි කුවේට් ජාතිකයා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් වන අතර ඉරාන ජාතිකයා කුවේට් වල ජීවත් වන අතර ඔහු ව්‍යාපාරිකයෙක් වේ.
මෙම ව්‍යාපාරිකයා විශාල මත්පැන් තොග අල්-සලිබියා දිස්ත්‍රිකයේ ගබඩා තුල සගවා ඇති බවට කොරතුරු අනාවරණය වී ඇත.
(ජානක ප්‍රියදර්ශන ජයතිලක)

