කුවේට් මැතිවරණයෙන් විපක්ෂය ඉදිරියෙන්

කුවේට් රාජ්‍යයේ පසුගිය 26 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන්, වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගැනීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට හිතවාදී පක්ෂ සමත් වී ඇති බව කුවේට් පුවත් සේවා වාර්තා කරයි.
කුවේට් පාර්ලිමේන්තුව ආසන 50 කින් සමන්විත වන අතර, විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඔවුන්ට හිතවත් පක්ෂ ආසන 24 ක් ජයග්‍රහණය කර ඇති බව පැවැසෙයි.
අපේක්ෂකයන් 293 දෙනකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටි අතර ඔවුන්ගෙන් 14 දෙනකුස කාන්තාවෝය. මැතිවරණය සඳහා 4,83,000 ක පිරිසක් සුදුසුකම් ලබා තිබුණි.
කුවේට් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 2017 වසරේ ජූලි මාසයේදීය. එහෙත් පසුගිය ඔක්තතෝබරයේ එමීර් ශීක් සාබා අල් අහ්මද් අල් සාබා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ නිසා මෙම මැතිවරණය පැවැත්වීමට කටයුතු යෙදුණි.

