කුවේට් පාර්ලිමේන්තුව විසුරුවයි



කුවෙට් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරට එමීර්වරයා වන ෂීක් සබාහ් අල් අහ්මද් ඊයේ (16) කටයුතු කළේය. ඒ අනුව මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර එමගින් කලාපයේ තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දක්වන අදහස් දැනගැනීමට හැකිවනු ඇතැයි ද එරට ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ආණ්ඩුවේ හදිසි රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව යැයි ද එරට පුවත් සේවා වාර්තා කර තිබුණි.  
කලාපයේ ආරක්ෂක තත්ත්වය, තෙල් මිල ගණන් පහත යෑම ආදිය හේතු කරගෙන මෙලෙස   ක-ුවෙට් පාර්ලිමේන්තුව විසුරුව හැරීමට තීරණය වී ඇතැයි වාර්තා වුවද ඒ පිළිබඳ වැඩිදුර පුවත් වාර්තා නොවූ බව ද එම වාර්තාවල දැක්විණි.
 
ආරක්ෂක සහ ආර්ථික අභියෝග හේතුවෙන් මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇතැයි කුවෙට් කතානායක මාර්සුක් අල් ගනේම් නිවේදනය කර පැය 24 ක් යෑමටත් මත්තෙන් එලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි. 
 
කෙසේ වෙතත් මැතිවරණයක් පැවැත්වෙන දිනයක් මෙතෙක් නිවේදනය කර නැත. එමෙන්ම පසුගිය කාලයේදී ඉන්ධන මිල ගණන්, මූල්‍ය සහ පරිපාලන ක්‍රමවේද සම්බන්ධයෙන් පසුගිය කාලයේදී ආණ්ඩුවත් විපක්ෂ කණ්ඩායම් අතරත් මතභේද ඇති වූ බව ද එරට පුවත් සේවා වාර්තා කර තිබුණි. 
 
කලාපයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයකු වන කුවේට් රාජ්‍යය අවසන් වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලද්දේ 2013 වසරේදීය. 
ක-ුවෙට් රාජ්‍ය පිහිටා ඇත්තේ සෞදි අරාබියත් ඉරාකයත් අතරය. එමෙන්ම ගල්ෆ් අර්ධද්වීපයේ ඉරානයට මුහුණලා කුවෙට් රාජ්‍යය පිහිටා තිබේ. එබැවින් කලාපයේ උපායමාර්ගික ස්ථානයක කුවෙට් රාජ්‍යය පිහිටා ඇත. කුවෙට් රාජ්‍ය ඔපෙක් සංවිධානයේදී ප්‍රධාන සාමාජිකයකු ලෙස ද වෙයි. පසුගිය කාලයේදී කුවෙට් රාජ්‍යයට අයි.එස් ත්‍රස්ත තර්ජන ද එල්ල විය. 
 
අල් ජසීරා ඇසුරිනි

RECOMMEND POSTS