කුවේටයේ දික්කසාද ඉහළ යයි

කුවේටයේ දිනකට දික්කාසද වන පිරිස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි එරට නීතීඥවරු ප්‍රකාශ කරති.
ඒ අනුව දිනකට දික්කාසද නඩු 40 – 50 අතර ප්‍රමාණයක් කුවේට් අධිකරණය හමුවේ ගොනු වන බවද කුවේට් නීතීඥ සංගමය ස;හන් කර සිටී.
විශේෂයෙන්ම එම දික්කසාද නඩු විවාහ වී මුල් දින තුළ ඇතුලත ගොනු කිරීම් සිදුවන බවද කුවේට් නීතීඥ සංගමය කියා සිටී.ඒවා බොහොම සුළු සිද්ධීන් හේතුවෙන් සිදුවන දික්කසාදයන් බවද එම සංගමය පෙන්වා දේ.
කුවේට් නීතීඥ සංගමය මේ බව සදහන් කර සිටියේ ‘‘වඩා හොද ජීවිතයක් සදහා ‘‘ යන තේමාවෙන් යුතුව කුවේට් සිටි හි කාන්තා සංගම් ශාලාවේ පැවති කාන්තා වැඩුමුළුවකදීය.
එම නීතීඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නේ විවාහ වී පළමු දරු උපත සිදුවීමෙන් පසුව විවාහක කාන්තාවන් හා පිරිමින් දික්කසාද වීමේ දැඩි ප්‍රවණතාවයක් පවතින බවය.විවාහ ජීවිතයට එළැඹී සුවිශේසී වගකීම් වලට එළැඹෙන එවැනි මොහොතක මෙලෙස දික්කසාද වීමේ සිද්ධීන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිරීම රටට අනිටු විපාක ගෙන එන්නක් බවය.
ෂාරියා නීතිය පවතින කුවේටය තුළ මෙවැනි දික්කසාද බහුල වීම ගැන එරට නීතීඥ සංගම් විමතිය පළ කරති.
(තිළිණි ද සිල්වා )
ගල්ෆ් ඩිජිටල් නිව්ස් ඇසුරෙනි .......

