කුම්භමේලා සැණකෙළියේ තෙරපීමකින් 30 ක් මරුට



හින්දු බතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන, මහා කුම්භමේලා පූජා සැණකළිය අතරතුරේ හටගත් තෙරපීමකින් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 60 කි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසෙයි. කුම්භමේලා පූජා සැණකළිය පැවැත්වෙන්නේ වසර 144 කට පසුවය.

කුම්භමේලා පූජා සැණකළිය සඳහා අද (29) අලුයම වනවිට කෝටි 10ක පමණ බැතිමතුන් පිරිසක් එක්ව සිට බව ද පැවැසෙයි.

කුම්භමේලා පූජාව පැවැත්වෙන්නේ, ප්‍රයාග්රාජ් නුවර, ගංගා, යමුනා සහ හින්දු පුරාවෘත්තවල එන සරස්වතී නමැති ගංගා ත්‍රිත්වය එකිනෙක හමුවන ස්ථානයේ ස්නානය කරමින් ආත්මය පිරිසුදු කර ගැනීමට හැකි බව හින්දු විශ්වාසයයි.

කුම්භමේලා පූජා සැණකළිය යනු ලොව වැඩිම බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන පූජා උත්සවයයි.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS