කුඩා දරුවෝ 10 ක් මරුට



ඇෆ්ගනිස්තානයේ වර්දාක් පළාතේ ඇමෙරිකන් ගුවන් හමුදාව කළ ප්‍රහාරයකින් කුඩා දරුවෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

කුඩා දරුවන් 10 දෙනා අවුරුදු 6 ත් 15 ත් අතර වයස්වල පසුවුණු  අය බව ද පැවැසෙයි. ඊට අමතරව, කාන්තාවන් දෙදෙනෙකු ද ගුවන් ප්‍රහාරයෙන් මියගිය බව වාර්තා වේ.

ඇමෙරිකා හමුදාව මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ තලේබාන් සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් යැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS