කීව් නගරය අල්ලන්න ඔන්න මෙන්න



රුසියන් හමුදා කීව් අගනුවර අල්ලා ගැනීමට ඔන්න මෙන්න යැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර, රුසියන් ප්‍රහාර හේතුවෙන් මියගිය යුක්රේන සිවිල් වැසියන් ගණන 536 ක් බවත්, දරුවන් 14 දෙනකු ඒ අතර සිටින බවත් යුක්රේන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි. රුසියන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ගණන 400 ක් බව පැවැසෙයි.

නගරය වට කළ රුසියන් හමුදා, කීව් අගනුවර වැසියන්ට පවසා ඇත්තේ වහා නගරයෙන් පිටවී යන ලෙසය. නගරයෙන් පිටවීමට ප්‍රධාන අධිවේගී මාර්ගය භාවිතයට ගන්නා ලෙසත් කිසිවකුට අනතුරක් සිදු නොකරන බවත් රුසියන් හමුදාව පොරොන්දු වී ඇතැයි ද පැවැසෙයි.

නගරය අත්හැරීම ප්‍රතික්ෂේප කරන යුක්රේන ආරක්ෂක අංශ සාමාජිකයන්, සිවිල් වැසියන් පමණක් නොව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද චෝදනා කර ඇත්තේ රුසියන් හමුදා සිවිල් ඉලක්ක වෙත දිගටම ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බවය. රුසියන් හමුදාව ප්‍රහාර සඳහා අධි බලැති රික්තක බෝම්බ ද යෝදා ගන්නා බවට යුක්රේන හමුදා චෝදනා නගයි.

(රොයිටර්)


RECOMMEND POSTS