කීයටවත් අස්වෙන්නේ නැහැ
සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් අවසන් මොහොත දක්වා සටන අත් නොහරින බවත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ප්‍රකාශ කිරීමත් සමග එරට විපක්ෂය ගෙන එන නව දෝෂාභියෝග යෝජනාවට සහාය දීමට තීරණය කළ බව දකුණු කොරියානු ආණ්ඩු පක්ෂය පැවැසුවේය.
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව සභාගත කළ පළමු දෝෂාභියෝග යෝජනාව පසුගිය 7 වැනිදා එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූ අතර එරට පාලක පක්ෂය වන " පීපල්ස් පවර්" පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 108 න් 106 ක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සිය අසුන් වලින් නැගිට යාම හේතුවෙන් දෝෂාභියෝගය එලෙස පරාජයට පත් වූවේය.
" පීපල්ස් පවර්" පක්ෂය පළමු දෝෂාභියෝග යෝජනාවට සහයෝගය නොදුන්නේ ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවත් කෙතරම් තේරුම් කිරීමට " පීපල්ස් පවර්" පක්ෂය උත්සාහ දැරූවත් ජනාධිපති යුන් සුක් යෝල් තේරුම් නොගන්නා බවත් එම පක්ෂයේ නායක හන් ඩොන්ග් හූන් ප්‍රකාශ කළේය.